තැපෑලෙන් ආ මත්ද්‍රව්‍ය පාර්සල් . . .

පසුගිය සති කිහිපය තුළදී විදෙස්රටවල් කිහිපයක සිට මෙරටට තැපැල් සේවය හරහා ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්නය.(රුපියල් 95,860,000)
එම පාර්සල් නිෂ්කාශනය කර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් එම පාර්සල් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරිපිටදී පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට සමත්ව ඇත.

අදාළ මත්ද්‍රව්‍ය සහිත පාර්සල් ස්පාඥ්ඥය, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල්වලින් මෙරටට ආනයනය කර තිබුණි.

අදාළ පාර්සල් තුළ තිබූ සෙල්ලම් බඩු තුළ මෙම මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස සඟවා මෙරටට ආනයනය කර තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් එම සෙල්ලම් බඩු තුළ තිබී කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4673 ක් සහ මෙතම්ෆටමයින් අඩංගු මත් පෙති 9586 ක් සොයාගැනීමට සමත්විය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාස්පෝට් ලබාගන්න 26දා එන්න එපා . . .

Fri Dec 23 , 2022
ලබන සඳුදා (26දා) රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා (26දා) වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන් සඳහා එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන විගමන පාලකවරයා පවසයි. එම නිසා 2022.12.26 සඳුදා දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x