ඇති වී තිබෙන වර්ෂා තත්වය මත මහනුවර දුම්රිය ස්ථානය වැසි වතුරට යට වීමට ලක්ව තිබේ. ඒ හේතුවෙන් දුම්රිය මගීන්ට හා දුම්රිය ගමනාගමන බාධා එල්ල වී ඇත. මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කර තිබේ. ඒ එම මාර්ගයට පස් කඳු කඩා වැටීම් කිහිපයක් සිදු වීම මතයි.

නත්තල සැමරිමට දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය පවසයි. දින කිහිපයකට ප්‍රථම අන්තර්ජාලය ඔස්සේ නුවරඑලිය  මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන දේශිය සංචාරකයන් විසින් වෙන් කරගෙන ඇත. නත්තල් සැමරිමට නුවරඑලියට පැමිණි සංචාරකයන් වෙනුවෙන් නුවරඑලිය මහ නගර සභාව විසින් පහසුකම් […]

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී. මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 ට වැඩි […]

විදෙස් රැකියා සම්බන්ධ චෝදනාලත් විදේශ රැකියා ඒජන්සි 400 කගේ බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කීය. මේ රැකියා ඒජන්සි ආයතන සංචාරක වීසා මඟින් මැද පෙරදිග ඇතුළු රටවල් රැසකට විගමනිකයන් රැකියා පිණිස යොමු කර ඇති අතර එම විගමනිකයන් ගේ රැකියා ස්ථිරත්වය ඇතුළු තොරතුරු කාර්යාංශයට ලබා […]

අකුරණ නගරයේ නවතා තිබූ තීරෝද රථ ඇතුළු තවත් වාහන ගන්වතුර වට හසුවී ගසාගෙන ගොස් තිබේ. ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ ගංගා පිටාර ගැලීමෙන් මෙම හදිසි ගංවතුර තත්වය ඇති වී ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.