මාලදිවයිනේ හිටපු ජනාධිපතිට සිර දඩුවම් නියම වෙයි . . .

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11 ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, පෞද්ගලික සමාගමකින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරයා ඔහුට එල්ල වූ චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇති බවයි. 2018 වසරේදී ඔහුට බලය අහිමිවුව ද මීළඟ වසරේ මැතිවරණය සඳහා මාලදිවයිනේ ප්‍රගතිශීලි පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු මේ වනවිටත් නම් කර තිබෙන අතර මීට පෙර 2019 දී ඔහුට වසර 05ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 05ක දඩයක් නියම කෙරිණා.

ඒ රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන අතර ඔහු නිවාස අඩස්සියේ තබා මාස කිහිපයකට පසු  නිදහස් කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මත්තල ගුවන්තොටුපල විකුණයි . . .

Mon Dec 26 , 2022
මත්තල ගුවන්තොටුපල ආයෝජකයකු ලබාදීමට අභිලාෂ කැඳවා ඇතත් මෙතෙක් ඒ සඳහා ස්ථිර ආයෝජකයකු ඉදිරිපත් වී නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි. කෙසේ නමුත් ගුවන්යානා නඩත්තු වැනි කටයුතු පිළිබඳව ඇතැම් පිරිස් ඉදිරිපත් වෙමින් ඇතැයි ද හෙතෙම කියා සිටියේය. එම ගුවන්තොටුපල 2017 වසරේ සිට 2021 දක්වා වූ කාලයේ දී රුපියල් කෝටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x