රජය විසින් ඉහළ දමන ලද විදුලි ගාස්තු යටතේ විදුලි බිල් ගෙවාගත නොහැකි ජනතාවගේ නිවාස වල විදුලිය විසන්ධි කිරීමේ රාජකාරි වලට සහභාගි නොවීමට තීරණය කරන ලද බව ලංකා විදුලිබල  ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කරන්නේ ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කරන බවට විදුලිබල අමාත්‍යවරයා […]

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව යලි ආරම්භ කර අදට සති දෙකක කාලයක් ගත වුණද ඉන් මෙතෙක් ප්‍රමිතියෙන් යුත් ඩීසල් පෙට්රල් නිෂ්පාදනය නොවන බව ඉන්ධන වරාය විදුලිය සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි. ප‍්‍රමිතයෙන් තොර පිරිපහදු කිරීම සහ මාස දෙකහමාරක පමණ කාලයක් පිරිපහදුව වසා තැබීමෙන් පසු කාර්මික දෝෂ සකස් නොකර යලි ක‍්‍රියාත්මක […]

වියට්නාමය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසක් එරටින් පිටුවහල් කිරීමට කටයුතු කර ඇත. ශ්‍රී ලාංකික සරණාගත 151 දෙනෙකු එසේ පිටුවහල් කරන ලද බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටියි.

පාසල්වලට බස්රථ ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උනන්දු කළේ හිටපු අමාත්‍යවරයකු වන අර්ල් ගුණසේකර බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේ දී සෑම වසරකම සෑම පාසලකම දූ දරුවන්ගෙන් විවිධ ප්‍රවාහන අවශ්‍යතා සඳහා විශාල වශයෙන් මුදල් එකතු කරන බවත් මේ තත්ත්වය නිදහස් නිවහල් හා නොමිලේ අධ්‍යාපනය ලබා දීම යථාර්ථයක් බවට පත් කිරීමට […]

වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු (27) දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ […]

අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ […]

හංගේරියාවට නීති විරෝධී ලෙස ඇතුළු වීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙක් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථ දෙකක නැගී හංගේරියාවට ඇතුල් වීමට සූදානමින් සිටියදී රුමේනියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. ඉන් එක් ට්‍රක් රථයක වයස අවුරුදු 21 සිට 67 […]

ගෝලීය වශයෙන් කොවිඩ් අවදානම පහව ගොස් නැති නිසා ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාව තුළද වයිරසය ව්‍යාප්ත විය හැකි බවත් කොවිඩ් සමඟ ජීවත් වීමට වන නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට කොවිඩ් මර්දන එන්නත් ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේය. කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට […]

නත්තල වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ ඇතැම් සිරකරුවන් මාර්ග වල මුදල් සිඟා කන අයුරු දක්නට ලැබේ. ඔවුන් තම නිවාස වලට යාමට මුදල් නැතැයි පවසමින් මාර්ග දෙපස සිට මහජනතාවගෙන් මුදල්  ඉල්ලති. ජනාධිපති සමාව යටතේ මෙවර සිරකරුවන් 309 දෙනෙකුට නිදහස හිමි විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔවුන්ට බන්ධනාගාරයෙන් නිදහස් වන […]

මෙරටට අවශ්‍ය ගල් අඟුරු ආනයනය ද අදාළ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමක හා එහි දේශීය නියෝජිතයාට ලබාදීමට නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි. ඇතැම් පාර්ශවයන් පවසන පරිදි කිසිසේත්ම පැය ගණනාවක විදුලි කප්පාදුවක් ඇති නොවන බවද හෙතෙම සඳහන් කළේය. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු අවශ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.