ජනාධිපතිවරණය වසර අවසානයට පෙර . . .

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් වසරකට පෙර ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ අවස්ථාවක් ව්‍යවස්ථාවෙන් හිමි වන නිසාය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පාර්ශවයන් පරාජයට පත් වූවොත් එය ඊළඟ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ද බලපානු ඇති නිසා කෙලෙස හෝ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක ද ආණ්ඩුව නිරත වෙමින් ඇති බවද වාර්තා වෙයි.

මීළඟ ජනාධිපතිවරණය කැඳවිය යුතු දිනය වන්නේ 2024 නොවැම්බර් 17 වනදා වුවද බලයේ සිටින ජනාධිපතිවරයා නැවත අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් එය 2023 නොවැම්බර් 17 වනදාට පසු පසුව කැඳවිය හැකි තත්ත්වයක් තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

2023 වසර අවසානයේ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට . . .

Sun Jan 1 , 2023
2023 වසරේ අවසන් මාස හයේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරයි. සමස්තයක් ලෙස මෙම වසරේ දී මධ්‍යස්ථ මට්ටමකින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වී ආර්ථිකය වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මග පාදමින් 2024 සිට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යනු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x