බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී පාලිත රාජපක්ෂ මහතාට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ දිනයේ ගෙල වැලලා ගත් තරුණියක් එම රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි අතර වෛද්‍යවරුන් සඳහන් කරන්නේ රෝහලට රැගෙන ඒම පමා වීම නිසා ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි. මේ බව පැවසීමත් සමග කුපිත […]

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ ගැසට් පත්‍රය නිකුත් කර දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාමයෝජනා බාර ගන්නා බවයි. මාර්තු 10 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇති බව […]

කොරෝනා මර්ධන සිව්වන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත හැකි ඉක්මනින් ලබාගන්නේ ගන්නයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ගෝලීය වශයෙන් වෛරසය යළි ව්‍යාප්තවීමේ අවදානමක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය අවධානයෙන් සිටින බව ද එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසීය. දැනට රට තුළ ඇති ‘සයිනොෆාම්’ එන්නත ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය […]

බිත්තර අර්බුදයට විසඳුමක් වශයෙන් විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම අනුමැතිය ලැබී ඇත.

විදුලි බිල ඉහල දැමීම හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වසරේ අනිවාර්යෙන්ම රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹෙන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සඳහන් කරයි. එහි කැදවුම්කරු රන්ජන් ජයලත් සඳහන් කරන්නේ එවන් ක්‍රියා මාර්ගයක් ආරම්භ කළහොත් ඊට සහාය පළ කරන්නට වෘත්තීය සමිති සන්ධානය ලෙස සූදානම් බවයි. විදුලි බිල ඉහළ දැමුවොත් […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය විනාශ කිරීමට ගෙන එන ලද ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි. පසුගිය මැයි මාසයේ ඇතිවූ අරගලකාරී තත්වයේදී තමන් අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ ගිනි අවි දෙකක් සහිතය බව ද හෙතෙම කියා සිටියි. යම් හෙයකින් අරගලකරුවන් මහින්ද රාජපක්ෂට හිරිහැරයක් කරදරයක් කරන්නට උත්සාහ කළේ නම් සීයකට වුවත් […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ගෝඨාභය රාජපක්ෂ දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියි. ඒ  ඔහු ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට යනු ඇතැයි මුලින් වාර්තා වූ නමුත් […]

2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්  සිදුකළා. එනම්, කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව ලේකම්වරයා සඳහන් කළා . වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “විශේෂයෙන්ම තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන් නමුත් උදේ පටන් ගත්තාම […]

ඔස්ට්‍රේලියාවේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි සීවර්ල්ඩ් නමැති ප්‍රදේශයේදී මෙම හෙලිකොප්ටර් අනතුර සිදුව ඇති බව ය. යානා දෙකෙහි සිටි සෙසු මගීන් 9 දෙනා ප්‍රතිකාර සඳහා යොමු කළ බව ක්වීන්ස්ලන්ඩ් ගිලන් රථ සේවාව පවසයි. බරපතළ තත්ත්වයේ සිටි කාන්තාවක සහ කුඩා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.