රනිල් යනු අරගලය විනාශ කිරීමට ගෙන ආ ටූල් එකක් . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය විනාශ කිරීමට ගෙන එන ලද ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි.

පසුගිය මැයි මාසයේ ඇතිවූ අරගලකාරී තත්වයේදී තමන් අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ ගිනි අවි දෙකක් සහිතය බව ද හෙතෙම කියා සිටියි. යම් හෙයකින් අරගලකරුවන් මහින්ද රාජපක්ෂට හිරිහැරයක් කරදරයක් කරන්නට උත්සාහ කළේ නම් සීයකට වුවත් වෙඩි තබා දමන බවද හෙතෙම අවධාරණය කරයි.

එදා අරගලකරුවන් තමන්ව බේරේ වැවට දැමීමට කටයුතු කළේ නම් පහලවක් විස්සක් ස්ථිර වශයෙන්ම මිය යනු ඇති බව ද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.

ඔහු මෙම අදහස් පලකරන්නේ ඉරාජ් වීරරත්න සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බිල ඉහල දැම්මොත් රට පුරා හර්තාල් . . .

Mon Jan 2 , 2023
විදුලි බිල ඉහල දැමීම හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වසරේ අනිවාර්යෙන්ම රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹෙන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සඳහන් කරයි. එහි කැදවුම්කරු රන්ජන් ජයලත් සඳහන් කරන්නේ එවන් ක්‍රියා මාර්ගයක් ආරම්භ කළහොත් ඊට සහාය පළ කරන්නට වෘත්තීය සමිති සන්ධානය ලෙස සූදානම් බවයි. විදුලි බිල ඉහළ දැමුවොත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x