ලීෂ්මේනියාසිස් රෝගය හිස ඔසවයි . . .

වැලි මැස්සාගෙන් බෝවන ලීෂ්මේනියාසිස් රෝගය දිවයින පුරා හිස ඔසවමින් පවතියි. 

මේ තත්ත්වය වියලි කලාපවල වර්ධනය වෙමින් තිබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක පැවසීය.

මෙම රෝගය ආසාධනය වුවහොත් එය කුරුලෑවක් වැනි කුඩා බිබිලක් ලෙස පෙන්නුම් කරයි. එය වර්ධනය වී තුවාලයක් බවට පත්විය හැකිය. විශේෂත්වය වන්නේ කිසිම වේදනාවක් නොදැනීම මෙන්ම කැසීමක් ද සිදු නොවන අතර වැඩිපුරම හමේ තුවාල දකින්නට ලැබෙන්නේ ශරීරයේ නිරාවරණය වන කොටස්වලය. ඒ මුහුණ, අත සහ කකුල්වල ය.

මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මණින් චර්මරෝග විශේෂඥ සානයකයකට යා යුතු අතර මාස කිහිපයක් හෝ වසර කිහිපයක් මෙම තුවාල පැවතීමේ හැකියාව ද පවතියි.

මෙම රෝගය අභ්‍යන්තර අවයවවලටද හානි ගෙන දෙන බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරන ලෙස කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක පවසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් හා සිගරට් බදු මිල ඉහළට . . .

Tue Jan 3 , 2023
මධ්‍යම රාත්‍රියේ සිට වයින් බියර් ඇතුළු සියලුම මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද සියයට 20 කින් හා 2023 පළවෙනි මාස 1 සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් බද්ධ බද්ද සියයට 20 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර තිබේ. ඒ අනුව රුපියල් 90ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x