අද මධ්‍යම රාත්‍රියේ සිට බස් සේවයේ වෙනසක් . . .

 

අද (4) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට ගාලු පාර ඔස්සේ කතරගම සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවය ඉවත් කරන බවයි.

“මේ අර්ධ සුඛෝපභොගී බස්රථ නැති නිසා රු 1,541 ක් වන ගමන් බලපත්‍ර ගාස්තුව මගියාගේ අඩුවෙනවා රු 1,117 ක් දක්වා.”

ප්‍රශ්නය – කොවිඩ් සමයේ දී 20%කින් බස් ගාස්තු සංශෝධනය වුණා. ආසන ගණනට පමණක් මගීන් ගෙනියන්න කියලා. හැබැයි ඒක දැන් සිද්ධවෙන්නේ නෑ. ඒකෙන් 10%ක් අඩුවුණා. ඉතිරිය මගීන්ට දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි ආණ්ඩුව විදියට නොදෙන්නේ ?

“ආණ්ඩුවක් විදියට නොදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් -19 අවස්ථාවේ දී නිකුත් කරනු ලැබු චක්‍රලේඛන තවමත් වෙනස් කරලා නෑ. අපි ඉල්ලීම් කරලා තියෙනවා ඒක වෙනස් කරන්න කියලා. ඒ චක්‍රලේඛය වෙනස් කළාම කොමිෂන් සභාව විසින් ඒ පිළිබඳ අධ්‍යයනය කරනවා.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගැන විශේෂ තීරණය . . .

Wed Jan 4 , 2023
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  සඳහන් කළේ, ලැබෙන පොලිය රුපියල් ලක්ෂයට වඩා අඩු ගිණුම් සඳහා 5% රඳවාගැනීමේ බද්ද ඉවත් කර තිබෙන බවයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම රඳවා ගැනීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි. “බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x