උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ආරම්භවේ . . .

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය 05 සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ සදහන් කළේය.

කෙසේ වෙතත් අනුරාධපුර සිට යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර සිට යාපනයටත් යාපනයේ ඇතුලු උතුරේ අනෙකුත් දිස්ත්‍රීක්යන්හි සිට කොළඹ දක්වා දුම්රියෙන් ගමන්කිරීමට සිටිනා මගීන්ට යාපනයේ සිට අනුරාධපුරය දක්වා  බස් රථ මගින් ගමන් කිරීමට පහසුකම් සලසන බව ද ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සදහන් කළේය.

ඊට අමතරව යාපනය සහ අනෙකුත් දිස්ත්‍රීක්කවල සිට කොළඹට සෘජු බස් ගමන් සේවාවක්ද  ක්‍රියාත්මකය.

උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික බස් හිමියන්ගේ සහභාගීත්වයෙන් උතුරු ආණ්ඩුකාරවරයාගේ මඟපෙන්වීම මත අමතර රථවාහන විධිවිධාන පහසුකම්ද සලසා ඇත.

කෙසේ වෙතත් දුම්රිය ගමනාගමන පහසුකම් උතුරු පලාතේ සිදු නොවීම හේතුවෙන් උතුරේ වැසියන්ගේ ගමනාගමන කටයුතු වෙත බාධාවක් සිදුවන බවටත් එය බස්රථ ගමනාගමනයෙන් පියවිය නොහැකි බැවින් කඩිනමින් දුම්රිය මාර්ගය පිලිසකර කරදෙන මෙන්ද උතුරේ වැසියන් වැඩිදුරටත් පවසති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහා සීනි වංචාවක් හෙලිවේ . . .

Fri Jan 6 , 2023
නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලද රතු සීනි මෙට්‍රික්ටොන් 600 ක් රේගු විසින් අත්අඩංගුවට ගෙන ඇත. සුදු සීනි යැයි රේගු වාර්තා ඉදිරිපත් කරමින් ආනයනය කරන ලද මෙම සීති තොගය පෑලියගොඩ රේගු ගබඩාවේදී රේගු භාරයට ගෙන ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x