රාජ්‍ය සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා කප්පාදුව . . .

රජයේ වියදම් අඩු කර ගැනීමේ අරමුණින් රාජ්‍ය සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා කප්පාදු කිරීමට රජය සූදානම් වෙමින් සිටී.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් සභා පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පවසන්නේ මෙම වැඩපිළිවෙලට යටතේ රාජ්‍ය සේවකයන්ට දැනට ලබාදෙන අතිකාල හා අමතර දීමනා සම්පූර්ණයෙන්ම කප්පාදුවට යටත් නො කරන බවත් එය යම් සීමාවකට යටත් කරන බවත්ය.

ඒ අනුව මෙම දීමනා කොතරම් ප්‍රමාණයක් දක්වා අඩු කරනවාද යන්න පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

රජයේ සේවකයන්ට අතිකාල නිවාඩු ජීවන වියදම් දීමනා හැර වැටුප් සඳහා පමණක් මසකට රුපියල් කෝටි 9300ක් රජය විසින් ගෙවනු ලබයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි බන්දුල . . .

Mon Jan 9 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (09) නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කෙරුණි . ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිීතිඥ සාගර කාරියවසම් ,කොළඹ දිස්ත්‍රික්කය නියෝජණය කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x