මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපති සමන්ත ස්ටීවන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමමිශන් සභාවේ නිලධාරීන් විසින් අද (13) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
මාවනැල්ල වලකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා එම සැලසුම අනුමත කිරීමට මෙම අල්ලස් මුදල ලබාදෙන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. වලකඩ ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක බන්ඩාගෙන් අල්ලස් මුදල ඉල්ලා ඇත. පසුව ධර්මතිලක බන්ඩා අල්ලස් කොමිසමට කරන ලද පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් අද දහවල්මාවනැල්ල ප්‍රසිද්ධ භෝජනාගාරයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.