පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරයි . . .

ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2307/12 දරන ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි අනුමැතිය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර තිබුණි. 

ක්‍රීඩා අයිතම, දුම්රිය අමතර කොටස්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අයිතම ඇතුළු භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය පළකර තිබේ.

ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබාදුන් කාරක සභාව පවසා සිටියේ සංචාරක, රූපලාවණ්‍ය වැනි කර්මාන්ත සඳහා අවශ්‍ය නිෂ්පාදන, අදාළ ආයතනවල නිර්දේශ යටතේ ගෙන්වීමට අවසර ලබාදීමට වඩා යෝග්‍ය වන්නේ යම් ඉහළ බද්දක් හෝ අයකරමින් ආනයනයට ඉඩලබා දීම බවය.

එසේ නොවනවිට කළු කඩ ව්‍යාපාර බිහිවීම වැළැක්විය නොහැකි බවද කාරක සභාවේදී සාකච්ඡාවට ලක්විය.

තවද අංක 2308/51 ගැසට් පත්‍රයේ පළකොට තිබූ විදේශ විනිමය පනත යටතේ නියෝග සඳහා ද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි . . .

Fri Jan 13 , 2023
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) ලබාදුන් තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (13) පැවසූහ. විධායක බලතල ඇති ජනාධිපතිවරයකු ලෙස හෝ කොතරම් ඉහළ නිලයක සිටියත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x