රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් අවශ්‍යයි . . .

දේශපාලන රැස්වීමක් අතරතුර අසනීප වී අද (ජන. 13) අලුයම හදිසියේ මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහුගේ බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ, කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරුගෙන් ඉල්ලා සිටියා ය.

ඇය එසේ ඉල්ලා සිටියේ, කළුතර රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී අද පැවති ඔහුගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී ය.

මරණ පරීක්ෂණයේදී පළමුව සාක්ෂි දෙමින් රෙජිනෝල්ඩ්ගේ පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඇතුළු සිව්දෙනෙකු සමග ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු ඔහු අසනීප වූ බව ය.

ඒ අනුව, හදිසි මරණ පරීක්ෂකවරයා මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ අතර, කළුතර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්නගේ මෙහෙයවීමෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විණි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති මන්දිරයෙන් මතුවූ මුදල් තොගය . . .

Fri Jan 13 , 2023
2022 වසරේ ජූලි 9 අරගලය අතරතුරදී කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයෙන් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද (ජන. 13) නියෝග කර තිබේ. අදාළ මුදල් තොගය සොයා ගත් අරගලකරුවන් එදින ම එම මුදල් පොලිසිය වෙත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x