ලයිසන් ඡායාරූප අලුත් ක්‍රමවේදයකට . . .

රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචිය සහ පැවරීම සඳහා යොදාගනු ලබන ඡායාරූප අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට (online) සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

මේ වන විට ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට ඡායාරූප ලබා දීම දිවයින පුරා පවතින ඡායාරූප ශාලා මගින් සාර්ථකව සිදු කරන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සමාජික ඡායාරූප ශාලා 7,000කින් පමණ, උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයක ම ඉහළ ප්‍රමිතියකින් යුතුව වඩාත් කාර්යක්ෂමව මෙම ඡායාරූප සේවා ලබා දීමට පහසුකම් පවතින බවද එම සංගමයේ නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරනු ලැබ ඇත.

ඊට අවශ්‍ය අයිකාවෝ මෘදුකාංග පද්ධතිය ස්ථාපනය කිරීමට වැයවන පිරිවැය සමස්ත ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මගින් දැරීමට එකඟතාව පළ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

එසේ ම, එහි නඩත්තුව සඳහා වාර්ෂිකව බලපත්‍ර ගාස්තු ගෙවීමට ද ඔවුන් කැමැත්ත පළ කර තිබේ.

සමස්ත ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවන්ට එළඹ ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් අවශ්‍යයි . . .

Fri Jan 13 , 2023
දේශපාලන රැස්වීමක් අතරතුර අසනීප වී අද (ජන. 13) අලුයම හදිසියේ මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහුගේ බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ, කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරුගෙන් ඉල්ලා සිටියා ය. ඇය එසේ ඉල්ලා සිටියේ, කළුතර රෝහලේ හදිසි මරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x