කොවිඩ් නව රැල්ලෙන් බේරීම සඳහා නැවතත් සියලුදෙනා මුව ආවරණ පැළඳීම ඇතුලු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවැසීය.
මේ වනවිට චීනය ඇතුළු රටවල් කීපයකම කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවද ඔහු කීය. මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය අන්වර් හම්දානි මෙසේද කියා සිටියේය.
මේ ලංකවේ ජනතාව කොවිඩ් නිසා අවුරුදු 2 ක් බැටකෑවා කියන එක අමතක වෙලා. බොහෝ අය මහමඟ බස්වල මාස්ක් පළඳින්නේ නැහැ. සැනිටයිසර් භාවිතා කිරීම, අත්සෝදන එක, මීටරයක පරතරය තබාගෙන කටයුතු කරන එක බොහෝ දෙනෙකුට අමතක වෙලා. මේ තත්ත්වය තුළ යළි කොවිඩ් පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා හැමදෙනාම ආයෙමත් මේ රෝගය රට තුළ පැතිරෙන්නෙ නැතිවෙන්න සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා ඉල්ලා සිටිනවා.
- ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
– දිවයින