කුරුඳු වත්තේ පදිංචි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ පුත්‍රයන් කිහිපදෙනෙකු ප‍්‍රභූ පුද්ගලයන් ලෙස හැඟවෙන ස්ටිකර් වාහන වල ඉදිරිපස අලවාගෙන ආලෝක දල්වාගෙන කොළඹ මාර්ගවල ගමන් කරමින් සිටි දී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස බොරැල්ල කුරුඳුවත්ත ඒ අවට ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන් ගේ පුතුන් බව ද පවසන පොලිසිය ඔවුන් වයස අවුරුදු 20 -30 අතර වයසට පසුවන්නන් බව ද කියා සිටියි.
ප්‍රභූ ස්ටිකර් සහ ආලෝක සංඥා භාවිතා කළ හැක්කේ ප්‍රභූ පිරිසට සහ එම ආරක්ෂක අංශවලට පමණක් බවද පවසන පොලිසිය ඒවා සාමාන්‍ය වැසියන්ට භාවිතා කිරීම තහනම් බව ද පවසයි. මෙම රථ පෙළ පදිකයන්ට සහ සෙසු වාහන වලට බාධා වන ලෙස කටයුතු කර ඇති අතර ඒවා නවත්වා පරික්ෂා කිරීමේදී ප්‍රභූන් නොවන බවද විනෝදය වෙනුවෙන් මෙම කටයුතු වල නිරත වී ඇති බවත් හෙළි වී ඇත.
අනතුරුව පොලීසියට රැගෙන ආ තරුණයන් පිරිසට තරයේ අවවාද කර මුදා හැර තිබේ.