නීති විරෝධීව ප්‍රංශයට ඇතුල්වූ ලාංකිකයන් අත්අඩංගුවට . . .

යාපනය , කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, මීගමුව සහ ජා-ඇල ප්‍රදේශයන්හි පදංචි පුද්ගලයින් 46 දෙනෙකු නීති විරෝධීව ප්‍රංශයට ඇතුල්වීමට යාමේදී එරම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රංශයට අයත් රී යුනියන් දූපත ප්‍රදේශයේදී  IMUL – A- 0559 CHW දරණ බහුදින ධීවර යාත්‍රාව මඟින් නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ ගැනීමේදී යාත්‍රාවේකාර්ය මණ්ඩලය සමගින් පුද්ගලයින් 46 දෙනෙකු එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳව මෙරට නාවික හමුදාවට දැනුම් දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම් දීමට එරට බලධාරීන් පියවර ගෙන නීතිවිරෝධීව සංක්‍රමණය වූ පිරිස මෙලෙස ගුවන් මගින් පිටුවහල් කිරීමට තීරණය කරන ලදි.

මේ අතර පිටුවහල් කරන ලද පිරිස අතර සිටි ජාවාරම් කරුවන් විසින් මෙම පිරිස ප්‍රංශයට මුහුදු මගින් රැගෙන යාමට එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ හතරහාමාරකට ආසන්න මුදලක්ද ලබාගෙන ඇතැයි අනාවරනය වී ඇති අතර එම පිරිස මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමටද පියවර ගෙන ඇත.

මෙරට සාමාන්‍ය ජනතාව රවටා විදෙස් රටවලට මුහුදු මගින් රැගෙන යන බව පවසා ජාවාරම් කරුවන් විසින් අධික මුදලක් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක බැවින් ජනතාවට එවැනි පුද්ගලයින්ට හසු නොවන ලෙසටද නාවික හමුදාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වතු නිවාස 10 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශවේ . . .

Mon Jan 16 , 2023
තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේලියක (15) දින රාත්‍රියේ හටගත් ගින්නකින් එම වතු නිවාස 10 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. (15) දින රාත්‍රි 8.30 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, ගින්නෙන් වතු නිවාස 10 ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x