ශ්‍රී ලංකාවට විවේකය ගත කිරීමට පැමිණ සිටින බෙන්තොට එස් ඕ එස් ආසි සංවිධානයේ ප්‍රංශ ජාතික විදෙස් සංචාරක මහත්ම මහත්මීන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහභාගිත්වයෙන් අවට ප්‍රදේශ තුළ පවතින ආර්ථික දුෂ්කරතා හඳුනාගෙන (14) දින රාත්‍රියේ මහා බත් දන්සැලක් බෙන්තොට පැරණි ගාලු පාරේ එම සංවිධාන ශාලා පරිශ්‍රයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ .
වසරකට වරක් බෙන්තොට පැමිණෙන මෙම විදෙස් සංචාරකයන් පිරිස ඊයේ (14) රාත්‍රියේ දෙනලද බත් දන්සලේ කටයුතුවලට ද සිය කැමැත්තෙන් එක්වී පැමිණෙන ජනතාවට ආහාර බෙදා දීමේ ඇතුළු කටයුතු වලට ද නිරතවී දන්සල අවසන් වනතුරු රැඳී සිටිම දැකගත හැකි විය. මෙහිදී දන්සලට ගැබිණි මව්වරුන්හා කුඩා දරුවන් වඩා පැමිණ සිටි කාන්තාවන් පෝලිමේ නොතබා ඔවුන්ට ආහාර ලබා දීමට කටයුතු කිරීමට විදෙස් කාන්තාවන් සහාය විය.
මේ දිනවල දන්සැල් නොපැවැත්වෙන වකවානුවක් එබැවින් මෙම දන්සැල භුක්ති විඳීමට දස දහසකට අධික පිරිසක් මධ්‍යම රාත්‍රිය වන තෙක් පැමිණි බව මෙම දන්සල සංවිධානය කළ එස්.ඕ.එස්. ආසි ශ්‍රී ලංකා බෙන්තොට සංවිධානයේ අධ්‍යක්ෂක පී. ඒ. රත්නසිරි පැවැසීය. ශ්‍රී ලංකාව තුළ ඊයෙ දවසේ පැවති එකම බත් දන්සල මෙය ද වෙයි.
හැමදාම සල භුක්ති විඳීමට පැමිණි බොහෝ දෙනකු මේ වකවානුවේ සිදු කළ පුතුන් පින්කමක් බව පැවසූ අතර එන වසරේත් මෙවැනිම දන්සලක් සංවිධානය කරන බව විදෙස් සංචාරක කන්ඩායමේ මෙරට නියෝජිත වරයා පැවසීය.
- අලුත්ගම තුසිත කුමාර ද සිල්වා