කෝටි 11 ක රත්‍රන් කටුනායකදී රේගු භාරයට . . .

මෙරට කාන්තාවක විසින් නීති විරෝධී ලෙස ගෙන එන ලද කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සහ රන් භාණ්ඩ තොගයක් ඇතුළු ද්‍රාවණයක් ලෙස සකස් කළ රත්‍රන් කුඩු තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් හට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම කර ඇති අතර ඒ සඳහා ඉන්දියානු ආදායම් බුද්ධි අංශයේ සහයෝගය ද ලැබී ඇත.

අදාළ කාන්තාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයෙන් ගුවන් ගමන් ආරම්භ කොට ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඉන්දියන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව ද එහිදී ඇය අත්අඩංගුවට ගත් බව ද ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

සැකකාරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක වන අතර ඇයගේ ගමන්මලු තුළ එම රත්‍රන් තොගය සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බව ද රේගුව ප්‍රකාශ කරයි. එම රත්‍රන් තොගය අතර කැරට් 24 මාල, මුදු සහ වළලු, කැරට් 24 රත්තරන් තහඩු 27ක් සහ ද්‍රව රත්‍රන් කැප්සූල් 8ක් තිබූ බවත් එම ස්වර්ණාභරණවල ඉතා සූක්ෂ්ම ලෙස රීදී අලේප කර තිබූ බව ත් රේගුව සඳහන් කරයි. රන් තහඩු බැංකු කාඩ්පත් ලෙස රේගු නිලධාරීන් මුලා කිරීමට හැකිවන ලෙස සකස් කර තිබූ බව ද රේගුව කියයි.

ස්වර්ණාභරණ සහ රන් තහඩුවල මුළු බර ප්‍රමාණය ග්‍රෑම් 4,892ක් වන බව ත් රේගුව සඳහන් කරන අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 111,550,000ක් වන බව ත් රේගුව ප්‍රකාශ කළේය.

කැප්සූල් 8 තුළ ද්‍රවණයක් ලෙස සඟවා තිබූ රන් කුඩු තොගයේ වටිනාකම තවමත් ගණන් බලා නොමැති බව ත් එහි බර ප්‍රමාණය ග්‍රෑම් 2,222ක් වන බව ත් රේගුව සඳහන් කරන අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශ ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂණ නිලධාරීන් විසින් පවත්වනු ලබන බව ද රේගුව ප්‍රකාශ කළේ ය.

එම විමර්ශන අවසානයේදී සිද්ධියට අදාළව රේගු පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද රේගුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩිෆෙන්ඩර් බලකායක් කොළඹ කලඹයි . . .

Mon Jan 16 , 2023
කුරුඳු වත්තේ පදිංචි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ පුත්‍රයන් කිහිපදෙනෙකු ප‍්‍රභූ පුද්ගලයන් ලෙස හැඟවෙන ස්ටිකර් වාහන වල ඉදිරිපස අලවාගෙන ආලෝක දල්වාගෙන කොළඹ මාර්ගවල ගමන් කරමින් සිටි දී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස බොරැල්ල කුරුඳුවත්ත ඒ අවට ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන් ගේ පුතුන් බව ද පවසන පොලිසිය ඔවුන් වයස අවුරුදු 20 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x