වතු නිවාස 10 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශවේ . . .

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේලියක (15) දින රාත්‍රියේ හටගත් ගින්නකින් එම වතු නිවාස 10 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

(15) දින රාත්‍රි 8.30 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, ගින්නෙන් වතු නිවාස 10 ක පදිංචි පවුල් 12 කට අයත් සමාජිකයන් 47 දෙනෙකු අවතැන් වි ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

ගින්න හටගන්නා අවස්තාවේ එම වතු නිවාස වල පදිංචිකරුවන් විශාල පිරිසක් එම වතුයායේ පැවති තෛපොංගල් දින උත්සවයකට සහභාගි විමට ගොස් සිටි නිසා ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැත.

පැතිර යමින් තිබු ගින්න එම වතුයායේම වතු කම්කරුවන් තලවකැලේ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත්විය.

ගින්නෙන් එම වතු නිවාස වල පදිංචි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සහ නිවාස වල පදිංචිව සිටි ළමුන්ගේ පාසල් පොත්පත් සහ උපකරණ සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.

ගින්නෙන් අවතැන් වුවන් එම වතුයායේම පදිංචි ඔවුන්ගේ ඥාති නිවාස වල තාවකාලිකව පදිංචි කිරිමටත්, ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකරන බවයි ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියා සිටියේ.

අවතැන් වුවන්ට යටිතල පහසුකම් සැපයිමට වතු පාලන අධිකාරිය සහ ප්‍රදේශවාසින් පියවර ගෙන ඇත.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදෙස් සංචාරකයින් දුන් බත් දන්සැල . . .

Mon Jan 16 , 2023
ශ්‍රී ලංකාවට විවේකය ගත කිරීමට පැමිණ සිටින බෙන්තොට එස් ඕ එස් ආසි සංවිධානයේ ප්‍රංශ ජාතික විදෙස් සංචාරක මහත්ම මහත්මීන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහභාගිත්වයෙන් අවට ප්‍රදේශ තුළ පවතින ආර්ථික දුෂ්කරතා හඳුනාගෙන (14) දින රාත්‍රියේ මහා බත් දන්සැලක් බෙන්තොට පැරණි ගාලු පාරේ එම සංවිධාන ශාලා පරිශ්‍රයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ . වසරකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x