ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බවයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළා. මැතිවරණ කොමිෂන් සභාව […]

පසුගියදා වැලිගම ප්‍රදේශයේ දී මගීන් පිරිසක් බස් රියදුරෙකුට පහරදීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වුණා . පසුගිය 16 වැනිදා මාතර සිට කොළඹ බලා පැමිණෙමින් සිටි එම බස් රථයට රාත්‍රී 9ට පමණ වැලිගම ප්‍රදේශයෙන් තරුණයන් දෙදෙනෙක් ගොඩවී තිබේ. රෙස්ට් හවුස් හංදියෙන් බස් රථය නවත්වන ලෙස මෙම තරුණයන් දෙදෙනා […]

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව […]

නැවත වරක් මෙරට ඉන්ධන හිඟයක් මතු වෙමින් පවතින බව වාර්තා වෙනවා. ඒ අනුව, ඊයේ දිනයේ ගලෙන්බිඳුනුවැව නගරයේ හා ගලෙන්බිදුනුවැව 19 කණුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් නොමැතිව දිගු පෝලිම් දකින්න ලැබුණා. ගලෙන්බිඳුනුවැව පමණක් නොව දිවයිනේ ප්‍රදේශ රැසක් මෙම තත්වය දකින්න ලැබුණු බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් දිගින් දිගටම රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහිව සිදුකළ, රෝහල් සේවකයින් කුඩුකාරයන්, ගංජ කාරයන් ලෙසට සිදු කරන ප්‍රකාශයන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අපකීර්තියට පත්කිරීමට එරෙහිව අද (20) දින ජාතික රෝහලේ සියලු කාර්ය මණ්ඩලය විරෝධතාවයක් ඇරඹීය. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කාර්යාලය […]

කටුගස්තොට – කහල්ල ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඉදිරිපිට, සභාපතිවරයා රුපියල් කෝටි 7 කට වැඩි මුදලක් රැගෙන අතුරුදන්වී ඇති බව පවසමින් සහ තමන්ගේ තැන්පතු මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගනුදෙනුකරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඔවුන් කියා සිටියේ දහසකට වැඩි පිරිසක් එහි මුදල් තැන්පත්කර ඇති බවයි. මේ අතර, ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර රුපියල් මිලියන […]

සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වූ ජ්‍යෙෂ්ඨතම සහ සම්මානනීය සිනමා නිර්මාණවේදිනියක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිය වූ ඇය අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියෙහි පසුවිය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.