වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලනට රෝහල් කාර්‍ය මණ්ඩලයේ විරෝධය . . .

ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් දිගින් දිගටම රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහිව සිදුකළ, රෝහල් සේවකයින් කුඩුකාරයන්, ගංජ කාරයන් ලෙසට සිදු කරන ප්‍රකාශයන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අපකීර්තියට පත්කිරීමට එරෙහිව අද (20) දින ජාතික රෝහලේ සියලු කාර්ය මණ්ඩලය විරෝධතාවයක් ඇරඹීය.

ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කාර්යාලය වටකරනු ලැබූ අතර පසුව වෘත්තීය සමිති නියෝජිතයින් හා සෞඛ්‍ය ලේකම්, රෝහල් අධ්‍යක්‍ෂක ජනරාල් අතර පැවති සාකච්ඡාවකින් පසු නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයා ඉවත් කිරීමට කටයුතු යොදන බවට වූ එකඟතාවයකට පැමිණි බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ ජාතික රෝහල් නියෝජිත නරේන්‍ද්‍ර පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යළිත් ඉන්ධන හිඟයක් මතුවේ . . .

Thu Jan 19 , 2023
නැවත වරක් මෙරට ඉන්ධන හිඟයක් මතු වෙමින් පවතින බව වාර්තා වෙනවා. ඒ අනුව, ඊයේ දිනයේ ගලෙන්බිඳුනුවැව නගරයේ හා ගලෙන්බිදුනුවැව 19 කණුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් නොමැතිව දිගු පෝලිම් දකින්න ලැබුණා. ගලෙන්බිඳුනුවැව පමණක් නොව දිවයිනේ ප්‍රදේශ රැසක් මෙම තත්වය දකින්න ලැබුණු බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x