අද, ප්‍රොපට් ජෙරම් සිදුකරන්නේ එදා අබ්දුල් රාසික් රඟ දැක්වූ භූමිකාවය

Divide And Rule ( Divide and conquer ) මූලධර්මය භූ දේශපාලනය තුල වැඩියෙන්ම භාවිතා කරන උපක්‍රමයකි. මහින්ද රාජපක්ෂ මෙම තියරිය භාවිතා කොට අති සාර්ථ්ක ප්‍රථිපල අත් කරගත්තේය.

මහින්ද මුලින් ප්‍රතිවාදි කඳවුර තුල අභ්‍යන්තර ගැ‍ටුම් නිර්මාණය කරනු ලබයි. ඉන්පසු ප්‍රතිවාදියා දෙපිලකට වෙන් කරනු ලබයි. පැරණි වාමාංශිකයන්, ජවිපෙ, ශ්‍රීලනිප, එජාපය, TNA අති සාර්ථික ලෙස දෙකඩ කළේය.

 

 

උඩරට පහතරට ලෙස සිංහල ජනයා තුල ගැ‍ටුමක් නිර්මානය කළේය. කුලය පදනම් කරගෙන ගැ‍ටුම් නිර්මානය කළේය. හමුදාව සහ අධිකරණය තුලද අභ්‍යන්තර ගැ‍ටුම් නිර්මානය කළේය .තම පක්ෂය තුලද එකෙකුට එරෙහිව තව එකෙක් කෙටවූයේය…

ගෝඨාගේ ඇතැම් ක්‍රියා නිසා සාම්ප්‍රදායික මුස්ලිම්ජනයා රාජපක්ෂලාගෙන් වෙන් විය. එවිට මහින්ද තව්හිද් ජාමාත් පිල ෆෝම් කොට මුස්ලිම් කඳවුර දෙකඩ කළේය. දැන් මුස්ලිම් සමාජය කොටස් ගනනාවකට කැඩී ඇත.

පාස්කු ප්‍රහාරය, අල්ලපු රටේ බුද්ධි අංශ සහ මෙරට බල ලෝභී දේශපාලකයන් පිරිසක් සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයකි. සහරාන් කල්ලිය ඒ සඳහා හයර් කළ පිරිසක් පමනි.

පාස්කු ප්‍රහාරය සහ සාහසික ‍රැවටීම නිසා ක‍තෝලික ජනයා රජපක්ෂලා සමග දැඩි නොසතුටකින් පසුවිය.අරගලයෙදී රාජපක්ෂලාට එරෙහි වැඩිම ප්‍රතිරෝදය එල්ලවූයේ කතොලික සහ ක්‍රිස්තියානි සමාජයෙනි.

 

 

මහින්ද දැන් ”දෙකඩ කිරීමේ තියරිය” ක‍තෝලික සහ ක්‍රිස්තියානි සමාජය වෙත ඇප්ලයි කොට ඇත. බුද්ධි අංශ වාර්තා අනුව සතියකට 600 පිරිසක් ප්‍රොපට් ජෙරම්ගේ නිකායට මාරුවන බව වාර්තා කොට ඇත. ආගම මාරු කිරීමට ලක්වන ජනයාගේ සංයුතිය පහත පහත පරිදිය

ක‍තෝලික ඇතුළු පාරම්පරික සභා – 74 %
හින්දු 11 %
බෞද්ධ 14 %
මුස්ලිම් 1%

මේ වන විට ප්‍රොපට් ජෙරම්ට එරෙහිව වැඩිම විවේචන එල්ල කරන්නේ ක‍තෝලික සභාව විසිනි. ඊට ප්‍රතිචාර ලෙස ජෙරම්ගේ අනුගාමිකයන් ක‍තෝලික සභාවට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි.

 

 

අද, ප්‍රොපට් ජෙරම් කරන්නේ එදා අබ්දුල් රාසික් රඟ දැක්වූ භූමිකාවය . රාසික්ගේ ගෝඩ් ෆාදර් වූයේ මහින්ද සහ ගෝඨාය . SLTJ නොහොත් සහරාන්ගේ මහගෙදර හැදීමට ඉඩම දුන්නේ රාජපක්ෂලාය . රාජපක්ෂලා මිරකල් ඩෝම් එකට දක්වා ඇති අනුග්‍රහයද පොඩි නැත

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දොස්තරලා අදායම් බදු ගෙවන්න බෑ කියමින් කළු පටි පැළද විරෝධතා

Tue Jan 24 , 2023
රට පුරා පිහිටි රෝහල් ගණනාවක සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරණ වෛද්‍යවරුන් (23) දින දහවල් කැම පැයේ උද්ඝෝෂණයක නිරත විය.උපයන විට ගෙවන බද්ධෙන් සෞඛ්‍ය සේවය නිදහස් කිරිම , බැංකු ණය පොලි අනුපාත අඩු කිරිම විදුලි බිල අඩු කිරිම, රෝගින්ට ලබා දෙන ඖෂධ , ආහාර සහ පරික්ෂණ ප්‍රමාණවත්ව ලබාදිම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x