පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද හෙටම ලිපියක් යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවැසීය.දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මේ අතර කොමිසමේ වෙනත් නිලධාරීහු පිරිසක් පැවසූහ.මැතිවරණයේ වියදම් සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් මාසයේදී ලැබුණු බව එම කොමිෂන් සභාව පවසයි.මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූලික යෙදවුම් සඳහා ටෙන්ඩර් පත් දැනටමත් කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා දැනුම් දුන් අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මැතිවරණය සඳහා මුදල් ලබාදීමට හැකියාවක් නැති බවයි.
Subscribe
0 Comments