දොස්තරලා අදායම් බදු ගෙවන්න බෑ කියමින් කළු පටි පැළද විරෝධතා

රට පුරා පිහිටි රෝහල් ගණනාවක සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරණ වෛද්‍යවරුන් (23) දින දහවල් කැම පැයේ උද්ඝෝෂණයක නිරත විය.උපයන විට ගෙවන බද්ධෙන් සෞඛ්‍ය සේවය නිදහස් කිරිම , බැංකු ණය පොලි අනුපාත අඩු කිරිම විදුලි බිල අඩු කිරිම, රෝගින්ට ලබා දෙන ඖෂධ , ආහාර සහ පරික්ෂණ ප්‍රමාණවත්ව ලබාදිම සහ වැඩ පිඩනය අඩු කිරිම යන කරුණු මුල් කරගනිමින් එම වෛද්‍යවරුන් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.එමෙන්ම අද දිනයේ ඔවුන් රාජකාරි සඳහා වාර්තා කර තිබුණේ කළු පටි පැලද ගෙනයි.වෘත්තිය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සින් මෙම සතිය කළු විරෝධතා සතියක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව වෛද්‍යවරුන් ඉංජිනේරුවන් බැංකු නිලධාරීන් රජයේ හා පුද්ගලික අංශවල විධායක ශ්‍රේණිවල නිලධාරීන් මෙම විරෝධතා සතිය ක‍්‍රියාත්මක කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වරාය සේවකයෝ වරාය පිවිසුම වට කරති

Tue Jan 24 , 2023
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව  වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය  කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී  (23) පැවැත්විණි.මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඒ හේතුවෙන් කොළඹ පලමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.’හොරු රකින – […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x