ටිකට් නැති කෝච්චි මගීන්ට දෙන දඬුවම් අලුත් වෙයි . . .

මෙතෙක් කාලයක් දුම්රියේ ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන්ට රුපියල් තුන්දහසක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නියම කරනු ලැබුවා.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ.ඩී. එස්. ගුණසිංහ පවසන්නේ, ඉදිරියේදී එම වෙනස් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට අදාළ නියෝගය තමන් විසින් නිකුත් කරන බවයි ඔහු පවසන්නේ.

මීට පෙර රුපියල් තුන්දහසක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩයක් ගෙවීමේදී එය ගෙවන තුරු අදාළ මගියාගේ ජාතික හැඳුනුම්පත හෝ ඔහු සතු ජංගම දුරකතනය හෝ ස්වර්ණාභරණයක් හෝ වටිනා දේපළක් දුම්රිය දෙපාර්තමේන්තුව භාරයට ගැනෙනවා.

නමුත් එම ක්‍රියාවලිය නීති විරෝධී බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ද සඳහන් කළේ පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පතක් වෙනත් පාර්ශවයකට කිසිදු ආකාරයෙන් සිය භාරයට ගැනීමේ නෛතික හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් දුම්රිය නිසි වෙලාවට නොපැමිණෙන නිසා ඇතැම් කාර්යාල සේවකයන් ඇතුළු මගීන්ට ප්‍රවේශපත්‍ර ගැනීමේ හැකියාවක් නොපවතින අතර මේ හේතුවෙන් ඔවුන් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අයුතු හිරිහැරවලට ලක්වීමට ද සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් අප දුම්රිය ආරක්ෂක අංශ ප්‍රධානි අනුර ප්‍රේමලාල්ගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවන අවස්ථාවක එම පාඩුව අයකර ගැනීම වෙනුවෙන් මගියා සතු දේපළක් සිය භාරයට ගැනීමේ ප්‍රතිපාදන දුම්රිය ආඥා පනතේ මෙන්ම වාණිජ පරිවිතයේ පවතින බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආරක්ෂක අංශ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම. . .

Sun Jan 29 , 2023
අද (29) උදෑසන පැය 6 කට ආසන්න කාලයක් කොළඹ අවට සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකින් පුද්ගලයින් 285 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියේ, මෑත ඉතිහාසයේ සිදුකළ සුවිශේෂිම මෙහෙයුම මෙය බවය. සති කිහිපයකට පෙර සිදුකළ සැලසුමකට අනුව එම මෙහෙයුම දියත් කර ඇති අතර, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x