ආරක්ෂක අංශ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම. . .

අද (29) උදෑසන පැය 6 කට ආසන්න කාලයක් කොළඹ අවට සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකින් පුද්ගලයින් 285 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියේ, මෑත ඉතිහාසයේ සිදුකළ සුවිශේෂිම මෙහෙයුම මෙය බවය.

සති කිහිපයකට පෙර සිදුකළ සැලසුමකට අනුව එම මෙහෙයුම දියත් කර ඇති අතර, ඒ සඳහා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ශ්‍රී ලංකා යුද හමුදාව ද එක්ව තිබුණි. අත්අඩංගුවට ගත් පිරිස අතර හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් සිටින බවට වාර්තා වේ.

මේ අතර අද දිනයේ සිදුකළ වැටලීමෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1ක්, ගංජා කිලෝග්‍රෑම් 1ක් ද සොයාගැනීමට හැකිවූ බව නිහාල් තල්දූව පැවසීය. මීට සමගාමීව දකුණේ ද විශේෂ මෙහෙයුමක් දියත් කර පුද්ගලයින් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නගරාධිපතිගේ වාහනේ රෝද හතරේම හුළං යවයි . . .

Sun Jan 29 , 2023
මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්නගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. මහරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම නගර සභාවේ සේවය කළ වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැබ් රථය නගරාධිපතිවරයා මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලයේ නවතා තිබියදී අලාභානිය සිදු කර ඇති අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x