කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් ඊයේ (පෙබ. 19) රාත්‍රී කාලයේදී ආරම්භ කළ විරෝධතා පා ගමනට අදාළව විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා සිව් නමක් සහ සිසුන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසිය සඳහන් කළේ, මෙම විරෝධතා පා ගමන කැලණිය විශ්ව විද්‍යාල පිවිසුම් දොරටුව අසලින් ආරම්භ කර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස විරෝධතා පා ගමන පවත්වා ඇති බව ය.පසුව පොලිසිය විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළ අතර නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීමේ වරදට ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.අත්අඩංගුවට ගත් භික්ෂුන් වහන්සේලා අවුරුදු 23,24,25 සහ 26 වයස්වල පසුවන කහදුව, තුන්මෝදර, පිටබැද්දර හා මිරිස්ස ප්‍රදේශවල විහාරස්ථානවල වැඩවාසය කරනඅතර සිසුන් දෙදෙනා වයස අවුරුදු 23ක් වන අඟුරුවාතොට හා කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Subscribe
0 Comments