මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ . . .

පාසල් නිවාඩු අවසන් වන මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියේ ශ්‍රිපාද වන්දනාකරුවන් විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිනිමත් සමග එම වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් වීශේෂ බස් රථ සේවාවක් යෙදවිමට පියවර ගෙන ඇත. පාසල් නිවාඩුව මෙම සති අන්තයෙන් නිමාවන බැවින් එම නිවාඩුවට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙසේ විශාල වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් පැමිනිමත් සමග එම වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහණය කිරිම සදහා අතිරේක බස් රථ කිපයක් යෙදවිමට සිදුවු බව හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරි ජේ. කේ. කිර්තිරත්න පැවසිය.

පසු ගිය 17 හා 18 යන දින දෙක තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් 35 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී. ඒ. පී. ආර්. ප්‍රේමලාල් පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු පවසන ලද්දේ පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත හදිසි මාර්ග බාධක යොදා ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන එනු ලබන රථ වාහන නතර කර සිදු කරනු ලබන පරික්ෂාවලදි හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් තරුණයන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය. අනිකුත් පිරිස් හැටන් කොට්ඨාශයේ තවත් පොලිස් ස්ථාන කිපයකදි අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අනුව ගංජා රැගන පැමිනි 20ක්, ගංජා මිශ්‍ර මදන මොදක රැගෙන පැමිනි 08ක්, මත් පෙති රැගෙන පැමිනි 04ක්, හෑස් මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි 03ක් වශයෙන් අත් අඩංගුවට ගෙන ඇති බවත්ය. එමෙන්ම මොවුන් සතුව තිබි ගංජා ග්‍රෑම් 50ක් මදන මෝදක 120ක්, මත් පෙති 12ක්, හෑස් මිලි ග්‍රැම් 500ක්ද අත් අඩංගුව ගත් බවත් මෙසේ අත් අඩංගුවට පත්ව ඇති සියලුම දෙනා අවුරුදු 18ත් 25ත් අතර තරුණයන් විම වීශේෂ සිද්දියක් බවද ඔහු පැවසිය. මෙම තරුණයන් තම දෙමාපියන්ගෙන් මිදි යහාලුවන් හා ඔවුන්ගේ ප්‍රදේශවල විවිධ පිරිස් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙමින් සිටි පිරිසක් බවට මුලීක පරික්ෂණවලදි හෙලිව ඇති බවත් තම දරුවන් විවිධ පිරිස් සමග මෙවැනි චාරිකා යන විටදි දෙමාපියන් තම දරුවන් පිලිබදව මෙයට වඩා සොයා බැලිම් කලයුතු බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වතුර බිලත් ළඟදීම ඉහළට . . .

Mon Feb 20 , 2023
ජල ගාස්තුව ද ළඟදී ම ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය. විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ළඟදී ම ජල ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන බව ත්, ඊට ප්‍රධානතම හේතුව බොහෝ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන් වීම බවත් හෙතෙම කීය. මාතලේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x