කඩයක් ඇතුලට ගියේ ආරක්‍ෂාවටයි . . .

ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර ශාලාව ප්‍රදේශයේ පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ තමන් ඒ අසල තිබූ කඩයක් ඇතුලට ගියේ ආරක්ෂාව සඳහා බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක සඳහන් කරයි. තමන් පමණක් නොව තමන් සමඟ සිටි පිරිසක් ද එම අවස්ථාවේ එම ක්‍රියාමාර්ග එකක් බවද හෙතෙම සඳහන් කළේය. වීරත්වය යනු මෝඩකම බෙල්ල දීන නොබවද හෙතෙම පැවසීය.

එම සිදුවීම සිදු වූයේ පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර දිගින් දිගටම එල්ල කරමින් සිටි අවස්ථාවේ එය නවත්වන්නැයි පොලිසියට පවසන්නට තමන් ගිය අවස්ථාවේ පොලිසිය විසින් එම ස්ථානයට ප‍්‍රහාර එල්ල කල අවස්ථාවේ ආරක්‍ෂාව සදහා එම පියවර ගත් බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

පොලිසිය විසින් එම විරෝධතාවට කඳුළු ගෑස් ටැංකි අසූවක් පමණ එල්ල කළ බව ද ඔහු සඳහන් කළේය.

ස්වර්ණවාහිනි නාලිකාවේ පැවති සාකච්ඡාවක දී මෙම අදහස් පල කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුංචි ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් ? . . .

Wed Mar 1 , 2023
යෝජිත පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. පළමුවරට ජනාධිපති ධුරයට පත්වන කෙනකුට ඔහුගේ පත්වීමෙන් වසර 4ක් ඉකුත් වූ පසු නැවතත් ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා සිය අභිලාශය ප්‍රකාශ කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3)(අ) වගන්තියේ සඳහන්ය. එලෙස ජනාධිපතිවරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x