බැඳුම්කර නඩු දෙකෙන් රවී නිදහස් . . .

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු මුදල් අමති කරුණානායකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් හමුවේ ගොනු කර තිබූ නඩු දෙක තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් අද තින්දු කර ඇත. මහාධිකරණ නඩු දෙක අභියෝගයට ලක් කරමින් රවි කරුණානායක විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීරණය ලබා දෙන ලදී.

2016 වසරේ මාර්තු 29 සහ 31 දිනවල මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එවකට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු එකොළොස් දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා 23ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු පවරා තිබිණ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කඩයක් ඇතුලට ගියේ ආරක්‍ෂාවටයි . . .

Tue Feb 28 , 2023
ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර ශාලාව ප්‍රදේශයේ පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ තමන් ඒ අසල තිබූ කඩයක් ඇතුලට ගියේ ආරක්ෂාව සඳහා බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක සඳහන් කරයි. තමන් පමණක් නොව තමන් සමඟ සිටි පිරිසක් ද එම අවස්ථාවේ එම ක්‍රියාමාර්ග එකක් බවද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x