අමෙරිකානු හිටපු ජනාධිපති cළඟදීම අත්අඩංගුවට ගනු ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තාකර තිබෙනවා. ඒ, ඔහුට එල්ලවූ නවතම අපරාධ චෝදනා හේතුවෙන්. අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහුට එල්ලවී ඇති චෝදනා වන්නේ අසභ්‍ය චිත්‍රපට නිලියක් වෙනුවෙන් මුදල් වැය කිරීමයි. ගෙවීම් සිදුකිරීම නීත්‍යානුකූල වුවද […]

කච්චතිව් දූපතේ නාවික හමුදා විසින් තැන්පත් කර ඇති බුදු පිළිමයක් ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද‍්‍රන් ඇතුළු පිරිසක් ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වී ඇත. මෙම සිදුවීම පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ නාවික හමුදාව එම දූපතේ කිසිදු අවස්ථාවක බුදු පිළිමයක් ඉදි කර නැති […]

ඊයේ (30) දින හොරණ – මලගල පාර පාදුක්ක ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. වංගුවක් සහිත ප්‍රදේශයකදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථය සහ යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී ඇත්තේ. එම […]

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඔරුගලයාය ග්‍රාමයේ පිහිටි මහවැලි රක්ෂිත භූමියක් කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව එළි කොට ඇතැයි පරිසර හා සොභාදම් අධ්‍යන මධ්‍යස්ථානය සඳහන් කරයි. ආසන්න වශයෙන් අක්කර 300 ක ට නොඅඩු මහවැලි රක්ෂිත භූමියට අයත් බිම් කොටසක් මේ අයුරින් එළිකොට ඇති බවටද ඔවුන් චෝදනා කරයි. මෙම භූමිය ආරණ්‍ය සේනාසනයක් ඉදි […]

පොලිසිය නිකුත් කළ සාරා ජැස්මින් නමැත්තියගේ DNA වාර්තාව කිසිසේත්ම පිළිගත නොහැකි බව සිරිල් ගාමිණී පියතුමා සදහන් කරයි. උන්වහන්සේ පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මට්ටමේ වාර්තාවක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය බවකි.

පරමත්ථ සංවිධානය හා International Centre for Theravada Buddhism UK සංවිධානය එක්වී බ්‍රිතාන්‍ය පුස්තකාලයේදී පසුගියදා ගිවිසුමකට අත්සන් තැබීය. ඒ, ”සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය” නම් ගිවිසුමකට ය. මීට පෙර ශ්‍රී ලංකා පුස්කොළපොත් අත්පිටපත් හතරක් නියමු ව්‍යාපෘතියක් ලෙස ඩිජිටල්කරණය කළ අතර ඒවා බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියෙන් හා පරමත්ථ වෙබ් අඩවිය මගින් සියල්ලන්ටම නොමිලේ […]

ඉන්ධන මිල අඩුකිරීම හරහා විදුලි බිල පහත දැමීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම්දී තිබෙනවා. ඉන්ධන මිල පහත දැමීම, ලෝක වෙළඳපොලේ ගල් අඟුරු මිල පහත යෑම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම යන කරුණු සළකා මෙම ඉල්ලීම සිදුකළ බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා […]

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා තිබෙනවා. ඒ, එහි සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම හේතුවෙන්. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථා ද අහිමි වී ඇති බවද රජයේ […]

මේ වසරේ ජුනි මස පළමුවැනිදා සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පවසනවා. ඊට අදාළ රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. ජාත්‍යන්තර කසළ ශුන්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.