පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 9 සහ 10 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය.
දෙදින විවාදයක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉල්ලා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රටේ ප්‍රබල විරෝධයක් පැන නැගී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ඇතිවීම වැදගත් බව විපක්ෂනායකවරයා එහිදී පෙන්වා දුන්නේය. මේ අනුව මෙම විවාදය සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) පස්වරු 1.30 ට රැස්විය.
මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේදී දින දෙකක් විරෝධයේ නියැලුණහ.
- සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න