රජයේ නව බදු ප්‍රතිපත්තියට අද පෑ විරෝධය . . .

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පා වරාය, ‍ තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක කාර්ය මණ්ඩල අද (01) ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ‍නිරත වෙති.

වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයින් මෙම ක්‍රියාමාර්ග සඳහා එක්වී සිටින බව වාර්තා වේ.  ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ද මෙම විරෝධතා ක්‍රියාමාර්ග හා එක්ව සිටිති.

වෛද්‍ය, ගුරු, විදුහල්පති සහ තැපැල් සේවකයින් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් විරෝධතාවල නිරත වූවත් වැඩවර්ජනයක නිරත නොවන අතර, ඔවුන් කළු පැහැයෙන් සැරසී රාජකාරියට වාර්තා කිරීම, දිවා ආහාර විවේකයේ දී විරෝධතාවල නිරතවීම ආදී ක්‍රියාමාර්ගවල නිරතවන බව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අද බොහෝ ආයතනවල පිරිස් රාජකාරියට පැමිණ තිබුණේ කළු පැහැයෙන් සැරසෙමිනි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද විරෝධතාවක් පමණක් සිදුකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

දුම්රිය වෘත්තීය සමිති ද අද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහයෝගය දක්වා ඇත.

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ  ලංකා බැංකු ශාඛාවද  අද  වසා දැමීම හේතුවෙන් එහි  වැඩකටයුතුවලට බාධා පැමිණුනු  බව වාර්තා වේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සේවය ලබා ගන්නේ මෙම පාර්ලිමේන්තු  බැංකු ශාඛාවෙනි. වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන හෙයින්  බැංකු ශාඛාව වසා දැමෙන බවට දැන්වීම් පත්‍රිකාවක්ද එහි ප්‍රදර්ශනය කර තිබිණැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. ලංකා බැංකු ශාඛාව වසා දැමුණත්  ජල සහ විදුලි ඇතුළු පාර්ලිමේන්තුවේ  අනෙකුත් සේවා කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පැවතිණ.

  • ඩයනා උදයංගනී / සුජිත් හේවාජුලි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෙනෙට් මන්ත්‍රී පුංචි ඡන්දය කල් දැමීම හෙළා දකයි . . .

Wed Mar 1 , 2023
එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් හෙළා දැක තිබේ. ශ්‍රී ලංකා ජනතාවගේ ජනමතය ප්‍රකාශ කිරීමේ අයිතිය නොසලකා හැරීමට දරණ සෑම උත්සාහයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජු උල්ලංඝනය කිරීමක් බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x