සෙනෙට් මන්ත්‍රී පුංචි ඡන්දය කල් දැමීම හෙළා දකයි . . .

එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් හෙළා දැක තිබේ.

ශ්‍රී ලංකා ජනතාවගේ ජනමතය ප්‍රකාශ කිරීමේ අයිතිය නොසලකා හැරීමට දරණ සෑම උත්සාහයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජු උල්ලංඝනය කිරීමක් බව බොබ් මෙනෙන්ඩෙස් පෙන්වා දී ඇත. ඒ හේතුවෙන් තවත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව බොබ් මෙනෙන්ඩෙස් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද වාර්තාවක් උපුටා දක්වමින් බොබ් මෙනෙන්ඩෙස් මෙම ප්‍රකාශය සිදුකර ඇත.ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම එළඹෙන මාර්තු 9 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බව ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කළේය. මැතිවරණය පවත්වන නව දින එළඹෙන 3 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රිපාලගේ පෙත්සම විසිවේ . . .

Wed Mar 1 , 2023
පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් එහි වින්දිතයන් පැවරූ නඩු වලින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන ගොනු කළ රිට් පෙත්සම කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය රුපියල් 21,000/= ක නඩු ගාස්තුවකට යටත්ව  නිශ්ප‍්‍රභ කළේය. පාස්කු ඉරුදින ත‍්‍රස්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x