පුංචි ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් ? . . .

යෝජිත පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමුවරට ජනාධිපති ධුරයට පත්වන කෙනකුට ඔහුගේ පත්වීමෙන් වසර 4ක් ඉකුත් වූ පසු නැවතත් ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා සිය අභිලාශය ප්‍රකාශ කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3)(අ) වගන්තියේ සඳහන්ය. එලෙස ජනාධිපතිවරණය කැඳවීමට පෙර ඒ පිළිබඳව පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වෙයි.

වත්මන් ජනාධිපතිවරයා මැතිසබා ඡන්දයෙන් තේරී පත්වුවද ඔහු දරනු ලබන්නේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු ධුර කාලයේ ඉතිරි කොටසයි. ගෝඨාභය රාජපක්ෂ මුල්වරට ජනාධිපති ධුරයට තේරී පත්වූයේ වර්ෂ 2019 නොවැම්බර් මස 17 දිනයි. ඒ අනුව ඔහුගේ පළමු ධුර කාලයේ වසර 4 සම්පූර්ණ වන්නේ 2023 නොවැම්බර් මස 17 දාටයි.

රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂගේ පළමු ධුර කාලයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන බැවින් ව්‍යවස්ථානුකූලව පළමු ධුර කාලයේ වසර 4ක් ඉකුත් වීමත් සමඟ නව ජනාධිපතිවරණයක් කැඳවීමට ඔහුට වරම හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. ඒ අනුව පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

  • දේශපාලන වාර්තාකරු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඡන්දය කල් දැමීම ගැන දෙදින විවාදයක් . . .

Wed Mar 1 , 2023
පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක්  ලබන 9 සහ  10 යන දිනවලදී පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය. දෙදින විවාදයක් ලබාදෙන්නැයි  පාර්ලිමේන්තු කටයුතු  පිළිබඳ කාරක සභාවේදී ඉල්ලා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රටේ ප්‍රබල විරෝධයක් පැන නැගී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x