ගැබිනි මවුවරුන්ට ලබා දෙන යකඩ පෙති කිසිදු රෝහලක නොමැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න චෝදනා කරයි. ළදරුවාගේ හා මවගේ වර්ධනයට ඉතා අත්‍යවශ්‍ය මෙම ඖෂධය මේ වන විට සායනවලදී ගැබිනි මවුවරුන්ට ලබා නොදෙන බව පැවැසූ ජාතික සංවිධායකවරිය ඒ අනුව මවුවරුන්ට දරුවෙකු බිහිකරන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට […]

ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ප්‍රසාදය පළ කළහ. පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ  පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහව හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කර […]

ශ්‍රී ලංකාවේ සිදු කර ඇති බදු ප්රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රසාදයට ලක් කර ඇත. බදු වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් එල්ල වුවද ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ විශ්වාසයෙන් නැවත ලබාගැනීමට බදු ප්රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද මුල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් […]

තමන් වහන්සේට විහාරාධිපති කම ලබා දෙන ලෙස ඉල්ලමින් පඬුවස්නුවර රජ මහා විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග උපවාසයක නිරතවී තිබේ. පඬුවස් නුවර පොලීසිය සඳහන් කරන්නේ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති ධුරය මල්වතු-අස්ගිරි පාර්ශවයන් විසින් අපවත් වූ හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ගෝල හිමිනමකට පැවරීමට විරුද්ධව මෙම විරෝධතාවය දක්වා ඇති බවයි. විහාරාධිපති කම […]

කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් අද සහ හෙට අති උත්කර්ෂවත්ව පැවැත්වේ.  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි. මංගල්‍යය […]

චූන් කූරු නොහොත් බැලස්ටික් නමින් හඳුන්වන අලුත්ම මත්ද්‍රව්‍ය කූරු විශේෂයක් තරුණයන් හට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු පොලිස් වැටලීමකදී එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යතුරුපැදිය දමා පලා ගිය බව අඟුරුවාතොට පොලිසිය පවසයි. සැකකරු පදවාගෙන පැමිණි යතුරුපැදිය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී චුන් කූරු නොහොත් බැලස්ටික් නමින් හදුන්වන අඟල් දහයාමාරක් දිගැති මත්ද්‍රව්‍ය කූරු […]

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම රටට ලැබීමට නියමිත බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික බිඳවැටීමෙන් ද රටවල් අරාජික වන බවත්, එබැවින් රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද එකලෙස ආරක්ෂා […]

පොලිස්පති ධූරය සදහා වන සටන මේ වනවිට තවත් උත්සන්න කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ නමද එම ලයිස්තුවට එකතු වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි. වත්මන් පොලිස්පති සි.ඩි වික්‍රමරත්න සිය සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 වන දින විශ්‍රාම ගැනීමට නියමිත අතර පොලිස්පති ධූරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු […]

මේ අවස්ථාවේ මැතිවරණ අනවශ්‍ය බවත්, ජනතාවට කන්න ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය. ඔහු කියා සිටියේ තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට සූදානම් බවකි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය “වේගා” මෝටර් රථ සඳහා හිමිව තිබේ. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද (3) සිදුකෙරිණි.  ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණද එක්විය. එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.