කොල්ලො මත් කරන අලුත්ම භාණ්ඩය “චූන් කූර” . . .

චූන් කූරු නොහොත් බැලස්ටික් නමින් හඳුන්වන අලුත්ම මත්ද්‍රව්‍ය කූරු විශේෂයක් තරුණයන් හට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු පොලිස් වැටලීමකදී එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යතුරුපැදිය දමා පලා ගිය බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

සැකකරු පදවාගෙන පැමිණි යතුරුපැදිය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී චුන් කූරු නොහොත් බැලස්ටික් නමින් හදුන්වන අඟල් දහයාමාරක් දිගැති මත්ද්‍රව්‍ය කූරු විසි දෙකක් , කිසියම් මත් ද්‍රව්‍යයක් කලවම් කළ බවට සැක කරන ගංජා ග්‍රෑම් 515 ක්, විද්‍යුත් තරාදියක්, කතුරක්, ඇලෙන සුලු ඉටි රෝල් දෙකක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු විදේශගතව සිට මෑතකදී මෙරටට පැමිණි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි. සැකකරු අලුත්ම මත්ද්‍රව්‍ය කූරු ජාවාරමක් මෙහෙයවන බවට අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අඟුරුවාතොට වෙනිවැල් පිටියේ දී වැටලීම සිදුකර ඇත.

අඟුරුවාතොට ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව සති අන්තයේ විනෝද වීමට පැමිණෙන තරුණයන් ඉලක්ක කරගෙන මෙම මත් කූරු ජාවාරම සිදු කර ඇති අතර එක් මත් කූරක් රුපියල් 8000 මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු එම මත් කූරු විශේෂය අලෙවි කර ඇත්තේ තෝරාගත් පුද්ගලයන් අතරේ බවත් ඔවුන් හරහා අනෙකුත් පුද්ගලයන් වෙත අලෙවි කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. පලාගිය සැකකරු බලපිටිය පාතගම ප්‍රදේශයේ ස්ථිර පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇත.

අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– අරුණ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම් . . .

Fri Mar 3 , 2023
කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් අද සහ හෙට අති උත්කර්ෂවත්ව පැවැත්වේ.  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි. මංගල්‍යය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x