ගැබිනි මවුවරුන්ට දෙන යකඩ පෙති රෝහල්වල නෑ . . .

ගැබිනි මවුවරුන්ට ලබා දෙන යකඩ පෙති කිසිදු රෝහලක නොමැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න චෝදනා කරයි. ළදරුවාගේ හා මවගේ වර්ධනයට ඉතා අත්‍යවශ්‍ය මෙම ඖෂධය මේ වන විට සායනවලදී ගැබිනි මවුවරුන්ට ලබා නොදෙන බව පැවැසූ ජාතික සංවිධායකවරිය ඒ අනුව මවුවරුන්ට දරුවෙකු බිහිකරන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට වී ඇතැයි ද සඳහන් කළා ය.

ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට මස්, මාළු, බිත්තර මිල දී ගැනීමට ප්‍රමාණවත් ආදායමක් මවුපියන් අතිබහුතරයකට නොමැති බව පැවැසූ ඇය මෙතෙක් කලක් සායනවලින් ලබා දෙන ඖෂධ යම් පමණකින් ගැබිනි මවුවරුන්ගේ වර්ධනයට සහය වූ බව ප්‍රකාශ කළා ය. මේ වනවිට යකඩ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ආහාරවලින් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බව ත්, එවැනි පසුබිමෙක රෝහල් සායනවලදී “යකඩ පෙති නෑ” යනුවෙන් වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩල පවසන බව ත් ඇය කීවා ය.

මීට අමතරව දරුවන් හා වැඩිහිටියන් විජලනයට පත්වූ විට හා අතීසාරය වැනි අවස්ථාවකදී වෛද්‍යවරුන් නියම කරන ‘ජීවනී’ රෝහල්වලින් හෝ සායනවලින් ලබා නොදෙන බව ද හේමමාලි අබේරත්න පැවසුවා ය. මේ වන විට ‘ජීවනී’ පිටතින් ගන්නා ලෙසට වෛද්‍යවරුන් දැනුම් දෙන බව පැවැසූ හේමමාලි අබේරත්න වෙළෙඳපොළේ ‘ජීවනී’ පැකැට්ටුවක් රුපියල් 400-500 අතර මිලක පවතින බව කීවා ය.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යකඩ පෙති සම්බන්ධයෙන් එවැනි ගැටලුවක් නොමැති බව ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් . . .

Tue Mar 7 , 2023
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය මේ වනවිට ආරම්භ කර තිබෙන විරෝධතා පාගමනක් හේතුවෙන් රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වෙයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x