තමන් වහන්සේට විහාරාධිපති කම ලබා දෙන ලෙස ඉල්ලමින් පඬුවස්නුවර රජ මහා විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග උපවාසයක නිරතවී තිබේ. පඬුවස් නුවර පොලීසිය සඳහන් කරන්නේ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති ධුරය මල්වතු-අස්ගිරි පාර්ශවයන් විසින් අපවත් වූ හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ගෝල හිමිනමකට පැවරීමට විරුද්ධව මෙම විරෝධතාවය දක්වා ඇති බවයි. විහාරාධිපති කම තමන්ට ඉල්ලා තවත් ගෝල හිමිනමක් හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගසකට නැග මෙම උපවාසයේ යෙදී තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ උපවාසයේ යෙදුන හිමි නමගේ ක්‍රියාකාරීත්වය යහපත් නොවන බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති හෙයින් විහාරස්ථානයේ ආරක්ෂාවට දැනටමත් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවය.