මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය “වේගා” මෝටර් රථ සඳහා හිමිව තිබේ. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද (3) සිදුකෙරිණි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණද එක්විය.
එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ වෙත ලබාදීම සිදුකෙරිණි.