ලාංකිකයින්ට ඉතාලියේ රැකියා අවස්ථාවක් . . .

ඉතාලි රාජ්‍යයේ රැකියා සඳහා යුරෝපීය නොවන රටවලින් සේවකයින් බඳවාගැනීමට 2023 මාර්තු 27 වැනිදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු සූදානම් කර ඇති බව ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු දැනුම් දී ඇත.

කාලීන රැකියා , කාලීන නොවන රැකියා හා ස්වයං රැකියා යන කාණ්ඩ ත්‍රිත්වය ඔස්සේ ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, යාන්ත්‍රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික ක්ෂේත්‍රය, සංචාරක හා කෘෂි වගා ආදී ක්ෂේත්‍රවල රැකියා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිවේ. මෙම වැඩසටහන යටතේ රැකියා අවස්ථා 82,702ක්, ශ්‍රි ලංකාව ඇතුළු බංගලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය, ඉන්දියාව, කොසොවෝ, නයිජීරියාව, පාකිස්ථානය, යුක්රේනය හා යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමි වී තිබේ. ඉන් රැකියා අවස්ථා 38,705ක් හිමිවන්නේ ස්වයං රැකියා හා කාලීන නොවන රැකියා අවස්ථා සඳහා වේ. ඉතිරි රැකියා අවස්ථාවන් 44,000 කාලීන රැකියා යටතේ හිමිවේ.

2023 මාර්තු මස 27 දින පෙරවරු 9.00 සිට https://www.anpal.gov.it/assumere-lavoratori-non-comunitari-anno-2023 යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම රැකියා සඳහා අයදුම් කළ හැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර, ඉතාලි රජයේ පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකිය. http://www.gazzettaufficiale.it/eli/id/2023/01/26/23A00232/sg

මෙම රැකියා අවස්ථා සඳහා අයදුම්කරුවන්ට පෞද්ගලිකවම අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි අතර, මේ වැඩසටහනට අනුව ඉතාලියේ රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් තමාගේ පෞද්ගලික මැදිහත්වීම මත මෙම රැකියා අවස්ථාව උදාකර ගන්නා ලෙසටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාන්තා විරෝධය මඩින්න පොලිස් කාන්තාවෝ පෙරට . . .

Wed Mar 8 , 2023
බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි. අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී මැතිවරණය කල් නොදමන්නැයි ද එම කාන්තාවෝ ඉල්ලා සිටියෝය. එහිදී ඔව්න් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණුහ.  ඡායාරූප ශාන්ත රත්නායක

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x