කුඹුරු ඉඩම් ගොඩ කිරීම තාවකාලිකව තහනම් . . .

කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම  තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. අද(07) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැති කෘෂිකර්මය පිළිබඳ උපදේශක කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ කරුණු සළකා බලමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ඉදිකිරීම් සදහා විශාල වශයෙන් කුඹුරු ඉඩම් ගොඩ කෙරෙමින් පවතින බවත්, ඊට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් සහයෝගය පළ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්නේය. එම කරුණු සළකා බලමින් කුඹුරු ගොඩ කිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදු කර එම වාර්තාව ලබා ගන්නා තෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම තාවකාලිකව අත් හිටුවීමට මේ අනුව පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. මෙම තහනම සෝජාන් ක්‍රමය වැනි වගා කටයුතු සඳහා අදාල නොවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේය.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවේ ලූෂන් සිව්වන ස්ථානයට . . .

Tue Mar 7 , 2023
2023 ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ආර්නෝල්ඩ් ක්ලැසික් ආධුනික කායවර්ධන ශූරතාවලියේදී නැවතත් ලොව සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත් විය.  ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ කොලොම්බස් නුවර පැවති මෙම තරගාවලිය සඳහා ලුෂන්, “සුපර් හෙවිවේට්” කාණ්ඩයෙන් තරග වැදුණි. පසුගිය වසරේ එනම් 2022,වසරේදී පැවැති මෙම ලෝක තරගාවලියේද 4 වැනි ස්ථානය ලූෂන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x