ඉන්ධන කෝටාව අලුත් වන දිනය වෙනස් වෙයි . . .

 

QR කේතය මගින් ලබා දෙන ඉන්ධන කෝටාව අලුත් කිරීම සතිපතා සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඊයේ (මාර්තු 7) මධ්‍යම රාත්‍රියේ සියලු ම පර්භෝගිකයන්ගේ ඉන්ධන කෝටාව අලුත් කර ඇති බව ය.

සති අන්තවල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කිරීමට ගත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් ඉන්ධන කෝටාවේ ලබා දී ඇති ඉන්ධන ප්‍රමාණය තවදුරට ත් නොවෙනස්ව පවතින බව එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක්වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වරායේ දින තුනක වැඩ වර්ජනයක් . . .

Wed Mar 8 , 2023
එළැඹෙන 13, 14, 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ආණ්ඩුව විසින් පනවන ලද බදු පනතට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ප්‍රසන්න කළුතරගේ  කියා සිටියි. 13, 14 දිනවලදී සංකේත වැඩවර්ජනයක් හා 15 වන දින සම්පූර්ණ වැඩ වර්ජනයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x