අද (මාර්තු 8) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රීලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මේ බව පැවසීය.
මෙම ගුවන් ගමන සදහා A-320 එයාබස් වර්ගයේ ගුවන් යානයක් යොදා ගෙන තිබුණු අතර ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ සහ සහය ගුවන් නියමුවරිය ලෙස පළමු පියාසර නිලධාරී බිමාලි ජීවන්දර කටයුතු කර ඇත. මීට අමතරව ගුවන් යානා කාර්ය මණ්ඩලය ලෙස තවත් කාන්තා නිලධාරිනියන් 5 දෙනෙකු ද සහභාගි වී තිබේ. ඔවුන් අතර ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රොෂානී දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල, ගුවන් සේවිකා ලක්මිණි දිසානායක, ජයකලණි කින්සන් සහ හර්ෂි වල්පොළ සිට ඇත.
ඔවුන් අද උදෑසන 08.10ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 131 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා ගුවන් මගීන් 67 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබේ.
අනතුරුව මෙම ගුවන් නියමුවරියන් ඇතුළු කාන්තා කාර්යය මණ්ඩලය අද දින ම උදෑසන 11.10ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 61 දෙනෙකු රැගෙන, ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.



