කොළඹ මහාධිකරණය, වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වනදා කැඳවන ලෙස දින නියම කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් […]

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කියා සිටියේ, පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල දී ගැනීම ද පහත ගොස් ඇති බව යි. මේ අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අද (09) […]

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මඟින් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. එනම්, අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් 070 350 0525‬ යන වට්ස්ඇප් දුරකථන අංකය මඟින් දැනුම් දෙන ලෙසයි. විශේෂයෙන් පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලීසියේ වාහන සම්බන්ධයෙන්ද එලෙස පැමිණිලි […]

මහ බැංකුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, දීර්ඝ කාලීන ණය නොගෙවීම මූල්‍ය අංශය මත මෙන්ම ගණුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කරන බැවින් අදාළ ආයතන සමඟ එකඟ වූ සැලැස්ම පරිදි ණය ගෙවීම ගණුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරන බවයි. ඒ, සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයින් […]

ජනාධිපතිවරයා සර්වබලධාරියා වී මැතිවරණ අයිතිය උල්ලංඝනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේදී පැවැසීය. බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වන වැදගත්ම ආයතනය ලෙස පළාත් පාලන ආයතනය හැඳින්විය හැකි බවත් මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවී එයද විධායකයේ හස්තයක්ව පවතින අවස්ථාවක පළාත් පාලන මැතිවරණය ද නොපැවැත්වීම මෙරට මූලික ප්‍රජාතන්ත්‍රවාදී […]

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින් සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අද (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති […]

රජයේ පාසල්වල පළමු වසර සදහා දරුවන් ඇතුලත් කිරීමේ අයදුම්පත් මෙම වසරේ දී විශාල වශයෙන් අඩු වී ඇතැයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කරයි. කොළඹ රාජකීය විදුහලේ ද පළමු වසරට දරුවන් ඇතුලත් කිරීම සඳහා මීට පෙර අයදුම්පත් 1500 ක් පමණ ලැබුණද මෙවර ලැබී ඇත්තේ අයදුම්පත් 500 ක් පමණ බව ද ඔහු පැවසීය. හොරණ […]

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විපක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු ඒමට සූදානමක් ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි. සභාපතිවරයා විදුලි අර්බුදයක් ඇති කරමින් මතභේදාත්මක හැසිරීමක සිටින්නේ මෙම මන්ත්‍රී ධුරය බලාපොරොත්තුවෙන් බවයි. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක පවසන්නේ තමන් කිසිම දේශපාලන පක්ෂයක ජාතික […]

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කලේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවයි. ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවය. එමෙන්ම ඔහු සදහන් කලේ, ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස […]

අද (09) සිට, රජය හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබේ. එනම් මෙහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.