ගණුදෙනුකරුවන්ගෙන් ණය පියවා ගැනීම ගැන මහ බැංකුවෙන් විශේෂ තීරණයක් . . .

මහ බැංකුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, දීර්ඝ කාලීන ණය නොගෙවීම මූල්‍ය අංශය මත මෙන්ම ගණුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කරන බැවින් අදාළ ආයතන සමඟ එකඟ වූ සැලැස්ම පරිදි ණය ගෙවීම ගණුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරන බවයි.

ඒ, සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයින් සඳහා සුදුසු මූල්‍ය සහන ලබාදෙන ලෙසට මූල්‍ය ආයතනවලින් කළ ඉල්ලීම් පිළිබඳව කරුණු පැහැදිලි කරමින්. ණය පහසුකම් සඳහා සහන, ආපසු අය කර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, ණය කලින් පියවීම සඳහා අවස්ථාව සැලසීම, ඊට අදාළව අය කරනු ලබන ගාස්තු සහ අනාගත පොලී අත්හිටුවීම වැනි සහන ගණුදෙනුකරුවන්ට ලබාදෙන ලෙසයි මහ බැංකුව මීට පෙර අදාළ ආයතනවලින් ඉල්ලා සිටියේ.

එම ක්‍රියාවලිය කඩිනමි කරන ලෙසටද මූල්‍ය ආයතනවලින් ඉල්ලා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහනහිමියන්ට හා මහජනතාවට විශේෂ දැනුම්දීමක් . . .

Thu Mar 9 , 2023
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මඟින් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. එනම්, අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් 070 350 0525‬ යන වට්ස්ඇප් දුරකථන අංකය මඟින් දැනුම් දෙන ලෙසයි. විශේෂයෙන් පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලීසියේ වාහන සම්බන්ධයෙන්ද එලෙස පැමිණිලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x