මහ බැංකු අධිපතිගෙන් සුබ ආරංචියක් . . .

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කලේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවයි. ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවය.

එමෙන්ම ඔහු සදහන් කලේ, ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6 කදී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් හැකිවනු ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට බොහෝවිට මාර්තු 20 වනදා වනවිට විස්තීරණ මූල්‍ය පහසුකම ලැබෙනු ඇති බවට අනුමාන කරන බවය.

“විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය නුදුරේදීම ප්‍රකාශයට පත්කරනවා. එහි අන්තර්ගතවෙනවා ණය ප්‍රතිව්‍යුහත කිරීම සඳහා අපේ වෑයම. එසේම මාධ්‍ය කාලීන අපේ ණය ඉලක්කයන් සම්බන්ධයෙන්ද එහි අන්තර්ගතයි. එමගින් දීර්ඝකාලීනව ණය තිරසර බව ඇතිකරගැනීම අපේ අපේක්ෂාවයි “

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට . . .

Thu Mar 9 , 2023
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විපක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු ඒමට සූදානමක් ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි. සභාපතිවරයා විදුලි අර්බුදයක් ඇති කරමින් මතභේදාත්මක හැසිරීමක සිටින්නේ මෙම මන්ත්‍රී ධුරය බලාපොරොත්තුවෙන් බවයි. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක පවසන්නේ තමන් කිසිම දේශපාලන පක්ෂයක ජාතික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x