මාලිමා අපේක්‍ෂකයා අත්අඩංගුවට . . .

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින් සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අද (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු සිදුකරමින් සිටි අතර දිගින් දිගටම ඔහු විමර්ශන අංශ මගහරිමින් සිටියේය. ඔහු අද දිනයේදී නීතීඥයෙක් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය වෙත භාරවී තිබූ අතර ඉන් පසු ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබීමෙන් පසුව, කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව කාර්යාංශයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

මේ සමග ජාතික ජන බලවේගයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයාත් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක කළ අතර ඔහු දිගින් දිගටම විමර්ශන අංශ මගහරිමින් සිටියේය. මේ අතර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරද අද (09) උදෑසන පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූවේය. ඉන් පසුව මෙම සැකකරු මෙසේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට භාරවී ඇති අතර ඉන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (10) දිනයේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

– Reporter

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති නීතියටයි, ව්‍යවස්ථාවටයි උඩින් ගිහිල්ලා . . .

Thu Mar 9 , 2023
ජනාධිපතිවරයා සර්වබලධාරියා වී මැතිවරණ අයිතිය උල්ලංඝනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේදී පැවැසීය. බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වන වැදගත්ම ආයතනය ලෙස පළාත් පාලන ආයතනය හැඳින්විය හැකි බවත් මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවී එයද විධායකයේ හස්තයක්ව පවතින අවස්ථාවක පළාත් පාලන මැතිවරණය ද නොපැවැත්වීම මෙරට මූලික ප්‍රජාතන්ත්‍රවාදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x